20% OFF Sale!

පිරිමි ගොඩයි මං විතරයි – Pirimi Godai Man Vitharai

රු960.00

Category:

”ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප්‍රග්නේ?’

”මං හීනයක් දැක්කා’

”නරක හීනයක් ද?’

”නෑ. දරු හීනයක්’

“මට කියපන් මොකක්ද වුණේ? උඹේ ඇගත් රත්වෙලා”

“මං හීනෙන් ප්‍රහාරකරන් දැක්කා. නන්දිකඩාල් කළපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුකාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා”

”ඉතිං උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?”

”මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න”

”…අර හිරේ ගිය බාප්පා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්මකීර්ති. දැන් සර්වතෝභද්‍ර. ඉන්න ගමන් උඹ දූෂණය කරපු එයාගෙන් බණක් අහපං. එයාට ප්‍රඥාව පහළ වෙලා ලු රැළි ගැහිගැහී. ගිහිං අහපං අං එනවද? කියලා.

අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා – දැන් එහේ සමෘද්ධි නියාමක. අර මිනුවන්ගොඩ රාජයියා දැන් ප්‍රාදේශිය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මහපු – උඹ කන්‍යාවක් කරපු දොස්තර දැන් පොසිටව් තින්කින් උගන්වනවා ටී.වී. එකේ. ඉන්ටර් නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලොකේ කැරකෙනවා. වෘත්තය මැද්දට කළු වැලහින්නක් වගේ පැනපං. වෙඩි කාපු ඊරියක් වගේ ගොරවපං…”

Reviews

There are no reviews yet.

Be the first to review “පිරිමි ගොඩයි මං විතරයි – Pirimi Godai Man Vitharai”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart
si_LKSinhala
Open chat
Hello 👋
Can we help you?