අපේ ආදරකතාව පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රීය කර ගෙන හඳ එළිය වැඩම කරනවා. මගේ කාමරයට. මට මයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න. ඔයා හරි ම තියුණුයි. හැඟීම් දනවන සුලුයි. පුදුමාකාර තරම් මුවහත්. ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නෙ ඒ හින්දමයි. ඔයා එකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියල මට හිතෙනවා. මගේ ජීවිතය පුරා ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා. ඔයා මාව අවුස්සලා. සන්සුන් නො සන්සුන් පීඩාකාරී උණුසුමකට ම මම කැමතියි. මම කැමතියි ඒ උණුසුම මගේ ශරීරය ඇතුළේ මුදා හරිනවට.
Reviews
There are no reviews yet.